පාලිත ආරියවංශ
මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිරකර ඝාතනය කළැයි සැකපිට ඇගේ පුතා අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌවපරණගම මොරගොල්ල උමානදී ගම්මානයේ 61 හැවිරිදි කාන්තාවකි .
මව අභිරහස් ලෙස මියගොස් ඇතැයි සැකකාර පුත්‍රයා 16 දා උදේ පොලිසියට පැමිණිල්ලක්කර තිබුණි . 15 වැනි දා රාත්‍රී තමා සහ බරිඳ නිවසින් පිටවී ගියත් පසුදා (16) නිවසට පැමිණ බලන විට මව නිදියහනේම මියගොස් සිටි බව ඔහුගේ පැමිණිල්ලේ වූ බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ නමුත් මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා මහේසත්‍රතාත් පරික්ෂණයකට ලක්කළ බවත් මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරන පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරයට දේහය ගෙන ගිය බවත් පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය (17) අද බදුල්ල මහරෝහලේ අධිකිරණ විශේෂඥ වෛද්‍යවරයා සිදුකළ අතර එහිදි අනාවරණය වී ඇත්තේ මෙය හුස්ම හිරිකර සිදුකළ ඝාතනයක් බවයි .

