මව දරු තිදෙනා අභිරහස් ලෙස මියගිහින්


( කේ. බුද්ධික කුමාරසිරි iසහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )

මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක  මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ  සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.

සිරුරු සොයා ගත් පසු  ඔවුන්  මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි . එම පවුලේ පියා ද ඉකුත් 28 වන දින මියගොස් ඇතැයි ද ඊයේ (30) අවසන් කටයුතු සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාකුඹුර ලක්ෂරි හයිවේ රෙසිඩන්ස්හී තාවකාලිකව පදිංචිව සිටි උදාරි නිසංසලා සේනාරත්න මව, (35) ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න , පුතා (09)  ආර්යා ප්‍රතාප ගුණරත්න ( 07) අරද්‍යා ප්‍රභාවි ගුණරත්න (06) යන තිදෙනකු බව මාලඹේ පොලිසිය කියයි.

මෙය දිවි නසා ගැනීමක්ද යැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි

 

  ඡායාරූප -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න