කලාඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුට බිලිවීමට ගිය තම මව බේරාගත් අනුරාධපුර සේනපුර පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයාගේ වීරක‍්‍රියාව අගය කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඔහුට තෑගි පිරිනැමීය. පාර්ලිමේන්තුව නැරඹීමේ විශේෂ අවස්ථාවක් ද ලබාදුන්නේය.
ඔහුගේ මවගේ දකුණු පාදයට කිඹුලාගේ ග‍්‍රහණයෙන් හානි සිදුවීම නිසා එම පාදය ඉවත් කර මේ වන විට කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටීයි.







