මව අහිමි පැටියා අලුත් නිවහනට


කරුවලගස්වැව මයිලංකුලම තේවනුවර ප්‍රදේශයේ එලාරිස්වැවේ සිටි අලි පැටවකු ප්‍රදේශවාසින් විසින් අල්ලා බාර දුන් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

අද උදෑසන වැවේ සිටි අලි පැටියා දුටු ප්‍රදේශවාසියකු ගමේ සෙසු අයගේද සහයෝගය ඇතිව කරුවලගස්වැව වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පැමිණ අලි පැටියා අනුරාධපුර පශූ වෛද්‍ය කාර්යාලයට රැගෙන යන බව අඩවිවන ආරක්ෂක නිළධාරී ලක්ෂ්මන් රෝහිත මහතා පැවසීය.

මෙම අලි පැටියාගේ වයස සති දෙකක් පමණ වන බවත් නිරාහාරව සිටීම නිසා දැඩි වෙහෙසකින් සිටින බවත් ඔහු පැවසීය. මවට යම් අනතුරක් වෙන්නට ඇතැයි අනුමාන කැරේ.

elephant_20159281 elephant_20159282 elephant_20159283 elephant_20159284 elephant_20159285 elephant_20159286 elephant_20159287 elephant_20159288