මලික්ට බන්දුලගෙන් අභියෝගයක්


නාලක සංජීව දහනායක

                                            
ශ‍්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහාතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (5) පැවසීය. 


මෙම ගිවිසුමට විරෝධය පළකරන විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහභාගී කරවන බවද මන්ත‍්‍රීවරයා කීය. 


ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.