මල්ෂා සාකච්ඡාවට ආවේ ‘නයිට් ක්ලබ්‘ යන ගමන් නොවේලු


දේශපාලන ක්ෂේත්‍රයේ වරින් වර  විවිධ චරිත මතුවෙයි. හිටපු ඇමැති ජීවන් කුමාරතුංගගේ දියණිය මල්ශා කුමාරතුංග ද වරින් වර කතා බහට ලක්වූ චරිතයකි.

මහ ඇමැති ප්‍රසන්නට එරෙහිව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට   ඇය ද සහභාගී වූවාය. ඇය ඊට ඇඳගෙන ආ ඇඳුම ගැන ෆේස් බුක් ඔස්සේ විවධ චෝදනා එල්ල විය. ඇය රාත්‍රී සමාජ ශාලාවට යන ගමන් මාධ්‍ය සාකච්ඡාවට පැමිණි බව ද සමහරු කීහ.

ඒ චෝදනාවලට මල්ෂා පිළිතුරු දෙන්නේ සර් ජෝන් ලබෝක් ගේ ප්‍රකාශයකිනි.

ඇය චෝදනාවලට පිළිතුරු ලෙස ඇය ඇඳගෙන ආ ඇඳුම සම්පූර්ණයෙන් පෙනන ඡායාරූප දෙකක් ෆේස්බුක් පිටුවේ පළ කර  ‘අපිට පේන්නේ අපි බලන දෙයයි.‘ යනුවෙන් සර් ජෝන් ලබොක්ගේ ප්‍රකාශය ද සටහන් කර තිබේ.

(මල්ශාට එරෙහිව ෂෙයාර් කර තිබූ ඡායාරූපය)

11391441_855040507866801_2776688686809615617_n

(පිළිතුරු ලෙස මල්ශා එක් කළ ඡායාරූපය)

10387384_1020969537913593_5872664581699369308_n