ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් දෙල්ගොඩ මන්සන්දියේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රීගුණසිරි ජයනාත් මහතා ය.
මෙම රැස්වීමේ වේදිකාව සරසා තිබු ආකාරය කාගේත් අවධානයට ලක් වූයේ වෙනදා වේදිකා සරසන මල් වර්ග වෙනුවට මෙම වේදිකාව සරසා තිබුණේ මල්වානේ පැණි රඹුටන් වලින් නිසාය.
රඹුටන් සැරසිල්ලකින් යුත් වේදිකාවේ කතා කිරීම හරි අසීරු දෙයක් බව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය කතාව ආරම්භ කිරීමට පෙර කීවේ රැස්ව සිටි සියලූ දෙනා සිනස්සවමිනි.
මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා රඹුටන් සැරසිල්ලෙන් යුත් වේදිකාවේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු ඡායාරූපයේ දැක්වේ.



