මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්


(පුෂ්පකුමාර ජයරත්න)
 
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද(21) අලුයම කරන ලදබව කියන පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථානය පවසයි.
 
ප්‍රෙට්‍රල් බෝම්බ හතරක් එල්ල කළ ඇති නමුත් පුපුරා ඇත්තේ එකක් පමණක් වන අතර ඉන් පල්ලියේ බිත්තියකට සුළු හානියක් සිදුව ඇත.
පල්ලියේ සීසීටීවී කැමෙරා සවි කර ඇති නමුත් මෙම ප්‍රහාරයට අදාළ රූපරාමු එහි පැහැදිලිව සටහන් වී නොමැති බවද පොලිසිය කියයි.

මීට වසරකට පමණ පෙර මෙම පල්ලියේ ඇතුළත තිබූ පිං කැටයද කඩා තිබූ බවත් එහි තිබූ මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කියැවේ.