මල්ආරෙන් දඩයක්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට


(සනත් ගමගේ)

හම්බන්තොට යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිතයේ කෑලිගම මල්ආර ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමේ නිරතව සිටි දඩයක්කරුවන් ‍තුන්දෙනෙක් ගිනි අවියක් සමඟ අද (20) අලුයම හම්බන්තොට වනජීවී කාර්යාලයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට  ගනු ලැබීය.

දඩයම් කරන ලද හාවෙකුගේ සිරුරු කොටස්, පිසින ලද මස් කොටස්, බෝර 12 පතොරොම් යොදන ලද විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පිහි දෙකක් , විදුලි පන්දම් දෙකක් ඇතුළු ආම්පන්න පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් බඳගිරිය,යහන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ප්‍රධාන සැකකරුගේ බිරිඳ මීට පෙර දඩමස් සිය නිවසේ අධි ශිතකරණයේ තබාගෙන සිටියදී අත් අඩංගුවට පත් වී ඇති බවද වනජීවී නිළධාරිහු පවසති.