මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයට සැදැහැවතකුගේ වෙස් ගෙන ඇතුළු වූ සොරකු විහාරගෙයි ඇති පිං කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මිරිහාන පොලිසියට පැමිණිලි කළහ.
සැකකරු විහාරගෙට ගොස් මල් පූජා කර පසුව පිං කැටය කඩන අයුරු සීසීටීවී කැමරාවල පටිගතවී ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්ය.









