මල් කපන පිහියෙන් මාමණ්ඩිය ලේලියගේ ගෙල කපා ඝාතනය කරයි


 

 

පාලිත ආරියවංශ සහ විජේරත්න රත්නායක

 

පස්සර මීරියබැද්ද වැලිබිස්සේදී මාමණ්ඩිය විසින් මල්කපන පිහියකින් ලේලියගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පස්සර පොලිසිය  පවසයි .

මෙම සිද්ධියෙන්  මරණයට පත්ව ඇත්තේ නිලූකා දමයන්ති (40) නමැති එක් දරු මවකි .

මරණකාරියගේ සැමියාද මීට වසරකට පමණ පෙර වස පානය කර මියගොස් තිබේ  .

ඉන්පසු  මෙම කාන්තාව නැන්දම්මා සහ මාමණ්ඩිය සමඟ මෙම නිවසේ ජීවත්වී ඇති අතර නැන්දම්මා සහ ලේලි අතර  නිතර අඩදබර ඇති වි ඇති බවත් පොලිසියට පැමිණිලි ලැබූ අවස්ථාවන්හි දෙදෙනා සමාදානය කර ඇති බවත්  පොලිසිය පවසයි.

ආරවුලකදී ලේලිය  විසින් නැන්දම්මාගේ හිස නිවසේ දොර උළුවස්සේ හප්පා ඇති අතර  හිසට සිදුවු තුවාල නිසා නැන්දම්මා රෝහල් ගත කර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය සඳහන් කරයි. 

ඉන්පසු මාමණ්ඩියා හා ලේලිය අතර බහින් බස් විමක් සිදුව ඇති බවත් මල් කපන පිහිය මැද සිටි  මාමණ්ඩිය එම පිහියෙන් ලේලීයගේ බෙල්ලට දමා ඇද ගෙල කපා ඇතිබවත්  විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය පවසයි .

65 වැනි වියේ පසුවන සැකකාර මාමාණ්ඩිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.