මලල ක‍්‍රීඩා නිලවරණය රහස් ඡන්දයෙන්
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය (2012-13) රහස් ඡන්දයෙන් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ”ලංකාදීප”ය කළ විමසුමකදී ඇය පැවසුවේ ලබන මැයි 3 වැනිදා පැවැත්වෙන මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා විශේෂ අධීක්‍ෂණ කමිටුවක් මගින් විමර්ශනයට ලක් කළ බවයි.
එහිදී නාමයෝජනා සම්බන්ධයෙන් විමර්ශනයේ දී අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පිළිබඳව මෙතෙක් ගැටලූවක් මතුවී නැතැයි ද ඇය පැවසුවාය.
මේ අතර ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසුවේ කිසිදු අපේක්‍ෂකයකුට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් බලපෑමක් එල්ල වී නොමැති බවත් පත්වන නව නිලධාරි මණ්ඩලයට සිය සහයෝගය ලබාදෙන බවත්ය.
ක‍්‍රීඩා පනතට අනුව ජාතික ක‍්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීමේ දී ඡන්ද විමසුම ප‍්‍රසිද්ධියේ (අත් ඔසවා) සිදු කළ යුතුය. එහෙත් මලල ක‍්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වෙන බැවින් රහස් ඡුන්දයකට එහිදී යා හැකි බැවින් මෙවර ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන නිලවරණයත් රහස් ඡුන්දයෙන් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.
නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් පස් දෙනකු (සුදුසුකම් පිළිබඳව) ගැටලූ මතුවී තිබූ බවද පැවසේ.
මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් දයා රත්නායක මහතා දැනටමත් නිතරගයෙන් පත්ව සිටියි.
උප සභාපති තනතුරු හයක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්වී තිබෙන බැවින් මෙවර මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

