මලගනේ වැවේ ඔරුපැදීමට ගිය දෙන්නෙක් අතුරුදන්


( පුෂ්පා වීරසේකර )

වාරියපොළ මලගනේ වැවේ ඔරු පැදීමට ගිය මිතුරන් පස්දෙනකු ගමන් කළ  ඔරුවක් පෙරැළිමෙන්  තිදෙනකුගේ  දිවි බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනකු අතුරදන් වී ඇතැයි වාරියපොල පොලීසිය පවසයි.

වාරියපොළ කිවුල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මෙසේ ඔරු පැදීමට ගොස් ඇති අතර වැව මැදදදී ඔරුව පෙරැළිමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අතුරුදන් වු දෙදෙනා ගම්පහ ප්‍රදේශයේ 45 වියැති හා 26 හැවිරිදි දෙදෙනකි.

අතුරුදන් වුවන් සොයා  මේ වන විට පොලීසිය මෙහයුම් අරඹා තිබේ