මලක් තැලූ ග්‍රාමාරක්ෂක හිරේ


වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර පාසල් දැරියක අවස්ථා තුනකදී අපයෝජනය කළ හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු වරද පිළිගත් පසුව වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය එම සිර දඩුවම්  දස වසර බැගින් වෙන් වෙන්ව අත් හිටුවිමට නියෝග කළාය.

එක් චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 4500 ක දඩ නියම කළ විනිසුරුවරිය දැරියට රුපියල් 50000 ක වන්දි ගෙවන ලෙසටද නියෝග කළාය. වන්දි නොගෙවන්නේ නම් ඔහු  තවත් වසරක ළිහිල් සිර දඩුවමක් පැනැවේ.

රංජිත් සේනාරත්න හේමන්ත නමැති සිවිල් ආරක්ෂක බළකායේ හිටපු සෙබළකු සේවයේ යෙදී සිටියදි 2010 වසරේ ඔක්තෝබර් මස 1 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මිහින්තලේ දී මෙම වරද සිදු කර ඇති බව නඩුවේ දැක්වේ.