කොල්ලුපිටියේ ස්ථාන කිහිපයකදී මරිජුවානා බිවු තරුණයන් පනස් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 260000 ක දඩ ගැසීය.එක් අයකුට නියම වු දඩය රුපියල් පන්දහසකි.
ඔවුහු වයස අවුරුදු 18 -21 තරුණයෝය.සියලු දෙනා වරද පිළිගත්හ. මෙම තරුණයන් වැඩි දෙනා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි. රජයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් ද ඒ අතර විය.