මරිචිකට්ටිහි සත්‍යග්‍රහය තාවකාලිකව නවතී


(රොමේෂ් මධුෂංඛ)

විල්පත්තු අවට ගම්මානයන්හි ජනතාව ජනාධිපතිතුමන් කෙරෙහි පූර්ණ විශ්වාශයකින් ඉන්නේ විල්පත්තු ගැටලුව පිළිබඳ සොයන්න ජනාධිපති තුමන් කමිටුවක් පත් කලා විල්පත්තු ජනතාව 13 වනදා විසඳුමක් ලැබෙයි යන බලාපොලරොත්තුවෙන් ඉන්න බවට අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සදුදා (08) සවස විල්පත්තු අවට ගම්මානයක් වූ මරිචිකට්ටි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දින 43 ක් පුරාවට සත්‍යග්‍රහයේ නිරත වැසියන් හමු වීමට පැමිණි අවස්ථාවේදීය.

සත්‍යග්‍රහයේ නිරත වැසියන් හමුවීම සඳහා ඊයේ දින අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුධීන් හා ෆයිසර් මුස්තාපා මෙන්ම ජාතික සමගි පෙරමුනේ නායක අසාද්සාලි යන අය පැමිණි අතර එහිදී ජනාධිපතිතුමන් සමග මේ මස 13 වනදා විල්පත්තු ගැටලුව සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් නායකයින් සාකච්ඡාවක් කරන බවත් එහෙයින් අදාල සත්‍යග්‍රහය නවතන ලෙසට ඉල්ලීමත් සමග දින 43ක සත්‍යග්‍රහය තාවකාලිකව නැවත්වීමට එම වැසියන් පියවර ගත්හ.