මර්සි නැවේ තවත් සෙබළියකට අතවර කරන්න ආ අයෙක් අත්අඩංගුවට



 
(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී ඇමෙරිකා එක්සත් ජනපද  නාවික හමුදාවට අයත් සෙබළියකට ලිංගික අතවර කිරිමට තැත් කළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම නාවික සෙබළිය තවත් සෙබළියක් සමඟ සම්බාහන කටයුත්තක් සඳහා මෙම මධ්‍යස්ථානයට පැමිණ එම කටයුතු වලදී අතවර සිදු කිරිමට තැත්කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් මර්සි නැමැති මෙම රෝහල් නෞකාවේ සේවය කරන නාවික සෙබළිය සමඟ පැමිණි අනෙක් සෙබළිය සම්බාහන කටයුතු සඳහා මෙම මධ්‍යස්ථානයට පැමිණ තිබේ.

යුවලක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානයේ කාන්තාව විසින් එක් සෙබළියකට සම්බාහන කටයුතු සිදු කරද්දී අනෙක් පුද්ගලයා සෙසු සෙබළියට සම්බාහන කටයුතු සිදු කරද්දී මෙම අතවර සිද්ධියට මුහුණ පෑමට සිදුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාරේ පදිංචි අයකු වන බවත් ඔහු  ත්‍රිකුණාමලය  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.