මර්වින්ට එරෙහිව පැමිණිලි 12ක්


මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රදේශයේ සිදුකර ඇතැයි කියන විවිධ අක්‍රමිකතා හා දුෂණ චෝදනා පිළිබඳ පැමිණිලි ඇතුළත් ලිපිගොනු තුනක් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද බාර දුන්හ. අමත්‍යවරයාට එරෙහි පැමිණිලි 12 මෙම ලිපි ගොනුවල අඩංගු බව කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් කීය.