ඇමැති මර්වින් සිල්වා මහතාගේ මිත්‍රයකු වන හට් තිලකසිරි හා ඔහුගේ ආරක්ෂකයා මාළඹේ දී අද අලුයම මුදා හැර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඔවුන් දෙදෙනාට පහර දී ඇතැයි ද, මාළඹේ සිට ත්‍රීරෝද රියකින් ගෙදර ගොස් ඇතැයි ද පොලිසියට වාර්තා කර තිබේ.
පහර දුන් අය ගැන තොරතුරක් නැතත් ඔවුන් දවසක්ම මෙම දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කළේ කුමක් දැයි සොයා ගැනීමට වෙහසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.