මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් ජේ ඩී තිලකසිරි හෙවත් හට් තිලකසිරි හා ආරක්ෂක නිලධරයකු කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගමන් කළ මොන්ටිරෝ ජිප් රිය ඩී ආර් විජයවර්ධන මාවතේ තිබී සොයා ගත් බව මරදාන පොලීසීය කියයි.
වාහනයේ පැති වීදුරු පහත් කර තිබී ඇති අතර ජංගම දුරකතන දෙකක් හා සපත්තු දෙකක් සොයගෙන ඇත.ජීප් රථයේ යතුර ඒ අසල පාරේ තිබී හමු වී ඇත.තිලකසිරි ධනවත් ව්‍යාපාරිකයෙකි. උත්සව වලට මඩු කුඩාරම් සපයන නිසා ඔහුට හට් තිලකසිරි යන නම පටබැදී ඇති බවත් කියති.සදුදා රාත්‍රී 10 ට පමණ ඔහු නිවසින් පිටවීයැයි ඔහුගේ බිරිය මරදාන පොලීසියට පවසා ඇත.