මර්වින්ගේ ලේකම් දෙන්නත් යළි රිමාන්ඩ්


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවෙක් මහර මහේස්ත්‍රාත් උසාවියේදී අද හඳුනා ගනු ලැබීය.

සමන් නිෂාමන් එම සැකකරුය. ඔහු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

ඔහු ද, ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු ලේකම් බව කියන සරත් කුමාර එදිරිසිංහ  නොහොත් සිංගප්පූරු සරත් ද වෙනුවෙන් නීතීඥවරු පෙනී සිටියහ. සැකකරුවන් ඇපමත මුදා හරින්නැයි ඔහු ඉල්ලා සිටියහ.

සෝමරත්න කුමාර පෙරේරා , ඔහුගේ පුත් රංගන කුමාර පෙරේරා හෙවත් රංග සහ චතුරංග වීරසේකර සෙසු සැකකරුවෝය.

මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඝාතනයට යොදාගත් බව කියන පිස්තෝලය හා තවත් ගිනිඅවියක් ද, උණ්ඩද රස පරීක්ෂක වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවෝ යළි ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.