මර්වින් සී.අයි.ඩි යේ


හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා මහතා මින් සුළු මෙහොතකට පෙර රහස් පොලිසියට පැමිණියේය.

සන්ඩේ ලීඩර් පුවත් පතෙහි කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක්  ලබා ගැනීම සඳහා ඔහු අද එහි කැඳවා තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන් ගැන තමන් හොඳින් දන්නා බව මින් පෙර අවස්ථාවකදී ඔහු මාධ්‍යට හෙළි කළේය.