(නොච්චියාගම උපුල් තම්මිට)
හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුරයෙන් තරග වැදීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සමඟ නාමයෝජනා භාර දීම සදහා අද (19) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේය.
එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධානතම දේශපාලන පක්ෂය හා එක්වීම තුළින් ඉදිරියෙදී අනුරාධපුර දිස්ත්‍රික්කය අංග සම්පූර්ණ සංවර්ධනයකට ලක්කරන බවයි.
මේ අතර නාම යෝජනා භාරදීම නිමිත්තෙන් අනුරාධපුර නගරය හා ඒ අවට ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුරාවට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.



