(ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)
කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හතර දෙනා තවදුරටත් ලබන මැයි මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
තවද දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන් අත් අඩංගුවට ගැනීම සදහා නැවතත් වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා නැවතත් වරෙන්තුවක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කෙරිණි.