මර්වින් පත්වීම් කිහිපයක් අවලංගු කරයි
තමා විසින් පත් කැරුණු සම්බන්ධීකරණ ලේකම්, උපදේශක, සම්බන්ධීකාරක තනතුරු පසුගිය 9 වැනිදා සිට අවලංගු කළ බවත්, ඔවුන්ගේ හැඳුණුම්පත් වහාම තම අමාත්‍යංශයට බාර දිය යුතු බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් මගින් පවසයි.
හැඳුණුම්පත් අයතා ලෙස භාවිත කරමින් තම කිරීතිනාමය හානි වන අයුරින් ඔවුන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමැතිවරයා කියයි.

