මර්වින් කැලණි සංවිධායක කම අත්හරී?


කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පදවියෙන් තමා ඉවත්වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ පක්ෂ නියෝජිතයන් සමග බ්‍රහස්පතින් දා රාත්‍රීයේ පැවැති සාකච්ඡාවක දී කියා ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ මරණය ගැන ඔහු කනගාටුව ප්‍රකාශ කළ බව ද දැන ගන්නට ඇත. මේ ගැන විමැසීමට ඇමැති සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.