මරදාන පොලිසියේ ගින්න පාලනය කරයි


(නිමන්ති රණසිංහ)

මරදාන පොලිසියේ දෙවන මහලේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩ පැවැත් වූ බව ගිනි නිවස හමුදාව පවසයි. අද අලුයම ඇති වූ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය සැකකරයි

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදාගත් බව ද ගිනි නිවීමේ හමුදාව පවසයි.