මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්


(ඩයනා උදයංගනී )

දුම්රිය ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත් මගීන් මරදාන දුම්රිය ස්ථානයේ දී විරෝධය පළකිරීම නිසා දුම්රිය ස්ථානාධිපති කාර්යාලය අසල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 50ක් පමණ රාගම දුම්රිය ස්ථානයෙන් ඉදිරියට ධාවනය වූයේ බොහෝ වේලාවක් ප්‍රමාද වී බැවින් මගීන් දුම්රියෙන් බැස පයින්ම ගමන් කරනු දක්නට ලැබිණි.

එම මගීන් මරදාන දුම්රිය ස්ථානයේ දී කලබල කිරීම නිසා එහි ආරක්ෂාවට පොලීසිය හා හමුදා සෙබඵ ද පැමිණි සිටිනු දක්නට ලැබිණි.