මරදාන -කොටුව අතර දුම්රියක් පීලි පනියි


(  මහින්ද  නිශ්ශංක )

මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පුලතිසි දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය සදහන් කරයි.

මේ හේතුවෙන් කොටුව හා මරදාන සිට ධාවනය කෙරෙන දුම්රියවල ප්‍රමාදයක් තිබෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.