(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 07 දෙනාට මරණ දඬුවම ක්‍රියිත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 සිටින අතර ඊට එරෙහිව අභියාචනා මත සිටින සංඛ්‍යාව 47ක් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.
ලංකාව පුරා බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඩුවම නියමවුවන් 18 දෙනෙකු රඳවා සිටින බවද එම ප්‍රකාශකයා කීය.