රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙම අභියාචන පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
මරණ දඬුවමට එරෙහි වාස්ගේ පෙත්සම සැප්තැම්බර 25 සිට විභාගයට
Recommended Articles