මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට විරුද්ධව යුරෝපා සංගමයෙන් ජනපතිට ලිපියක්



 
 
 
 
ඕනෑම තත්ත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන්නේ යැයි යුරෝපා සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත. 
 
ඕනෑම තත්ත්යක් යටතේ ඕනෑම සිදුවීමක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැහැදිලිව සහ දැඩි ලෙස විරුද්ධ යැයි සඳහන් කරන යුරෝපා සංගමය සහ යුරෝපා සංගමයේ දූත පිරිස වසර 40කට පසු ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම දැඩි කනස්සල්ලට හේතුවක් යැයි ද සඳහන් කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත පිරිස, ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල දූත පිරිස්, කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පොදු එකඟතාවක් යටතේ ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා තිබේ.  
 
මරණ දඬුවම කිසිසේත් මානව අභිමානයට හේතු නොවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීමට හේතුවන බවට කිසිදු සාක්ෂයක් හෝ ඒ බව සනාථ වී නැති බවත් යුරෝපා සංගමය තම ලිපියෙන් දන්වා සිටී. 
 
එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක වීමේදී කිරීමේදී අධිකරණ ක්‍රියාවලියේ දී සිදුවන වැරදි මාරාන්තික සහ නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වන බව ද එම ලිපියේ සඳහන් වේ. 
 
එම තත්ත්වය යටතේ මෙතෙක් කලක් පවත්වාගෙන පැමිණි අයුරින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි ද මරණ දඬුවමට එරෙහි වීමේ ශ්‍රී ලංකා සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද යුරෝපා සංගමය සිය ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
 
055