මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දුන් තීන්දුව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි



 
 
සුජිත් හේවාජුලිගේ
 
හිරගෙවල්වල සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.


එල්ලුම්ගහ නැවත  ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතාබහක්  ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම කාලෝචිත යැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  පැවසීය.


එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස‍් ද දැනගැනීම වැදගත් බව පෙන්වා දෙන රහුමාන් මහතා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පවත්වන්නැයි අගමැතිවරයාගෙන් අද හෙටම ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.