2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසාවි වැසිකිළියට ගොස් බෙල්ල කපා ගත් බවත්, ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ ගිහාන් කුලතුංග විනිසුරුතුමා පෑන ද කඩා විනිෂ්චාසනයෙන් නික්ම ගිය පසු වැරදිකරු බන්ධනාගාර බාරයට පත්වී මොහොතකින් මෙම සිද්ධිය වාර්තා විය.
ඔහුට මරණ දඬුවම පැණවීමත් සමඟ නෑයන් ඇතුළු පිරිසකගේ විලාපයෙන් අධිකරණ ශාලාව දෝංකාර විය.

