මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට


(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ යෝජනා ලැයිස්තුවට ඇතුළත් වන අතර ඉදිරියේදී විවාද කර සම්මත කරගත යුතු වේ.

එසේ සම්මත වුවහොත් මරණ දඬුවම අහෝසි වී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සංශෝධනය වනු ඇති බවද පනත් කෙටුම්පතෙහි දැක්වේ.