මරණ තර්ජන කථාව වැරැදියි


ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග පැවැත්වූ සාකච්ඡාවක්  පුවත්පත්හි ද අන්තර්ජාලයේ ද පළ කිරීම නිසා ප්‍රංශයේ ලංකාදීප වාර්තාකරු සුනිල් ආනන්දට මරණීය තර්ජනය එල්ල කළැයි කියන කතාව සාවද්‍ය බව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය, ප්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකිකයිනගේ සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය, ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජිය සංවිධානය, ප්‍රංශයේ ශ්‍රි ලංකා සංස්කෘතික සෞන්දර්ය හා අධ්‍යාපනික සංවිධානය, ජාත්‍යන්තර සමාජ, අධ්‍යාපනික හා ළමා ශක්ති සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව කියයි. ඔහුට එවැනි තර්ජනයක් නොකළ බවත් පහර නොදුන් බවත් ප්‍රංශයේ සංඝනායක හා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ ද කියති. වාර්තාකරු සුනිල් ආනන්ද මෙසේ කියයි. මරණීය තර්ජන එල්ල කළ බවට පැරිස් පොලිසියට එදිනම පැමිණිලි කළා.