මයෝන් මුස්තාපා බාරවෙයි



(මනෝප්‍රිය ගුණසේකර)                                  

මොහෙමෙඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමට තැත්කළ බවට චෝදනා ලැබ වසර 8ක් තිස්සේ අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තාපා මහතා නීතිඥයෙක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවිය.  

2010 ජනාධිපතිවරණ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කටයුතු කිරීමට කැමති කරවා ගැනීම සඳහා මොහෙමෙඩ් මුසම්මිල් මහතාට අල්ලසක් ලබා දීමට තැත්කළේ යයි මයෝන් මුස්තාපා මහතාට චෝදනා එල්ල වී තිබිණ. 
                                              
ඔහුට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ කැදවූ අවස්ථාවේ මයෝන් මුස්තාපා මහතා මෙසේ අධිකරණයට භාරවිය.