(විනීතා එම් ගමගේ)
මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.
2006 වසරේ සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය, අලෙවිය, හා ළඟ තබා ගැනීම වරදක් බවට පත්වූ නමුත් මේ වන තුරුත් ජාවාරම්කරුවන් පිරිසක් තහනම් පොලිතින් නිෂ්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
ඉදිරියේ දී පරික්ෂා කිරීම් හා වැටලීම් දැඩි කිරීමට පියවර ගත් බව ද ධර්මසිරි මහතා කියයි.
භාවිතය තහනම් කොට ඇති මයික්‍රෝන විස්සට අඩු තුනී පොලිතින් නිපදවූ හා අලෙවි කළ ස්ථාන 1648 ක් වටලා 254 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ධර්මසිරි මහතා ප්‍රකාශ කරයි.
ආහාර එතීමට තුනී පොලිතින් භාවිතය හා ආහාර ගැනීමෙන් පසු ඒවා ඉඳුල් සමඟ පරිසරයට මුදා හැරීම නිසා කිසිදු කළමණාකරණ ක‍්‍රමවේදයකට නතු කර ගැනීමට නොහැකි වීමත් පවතින බරපතලම පාරිසරික ප‍්‍රශ්නය මතු කරන්නේ යැයි ඒ මහතා පවසයි.

