මයික්‍රෝ කාර් කම්හල පොල්ගහවෙල


ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව පසුගියදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරිණි.

පොල්ගහවෙල පිහිටා ඇති මෙම ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකලස් කිරීමේ පහසුකම් ඇති කර්මාන්තශාලාවේ හිමිකාරීත්වය දරන්නේ ශී‍්‍ර ලංකාවේ මයික්‍රෝ සමාගමයි.

කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මයික්‍රෝ සමාගමේ සභාපති ලෝරන්ස් පෙරේරා,නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් හා සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගීව සිටියහ.

මයික්‍රෝ සමාගමේ නවතම නිමැවුම වන මයික්‍රෝ වෑන් රථය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හදුන්වාදීමද මෙහිදී සිදුවිය.මයික්‍රෝ මෝටර් රථ සමාගම බංගලිදේශය වෙත ප‍්‍රථම වතාවට අපනයනය කිරීමට නියමිතව තිබෙන රථ වාහන තොගයක තොරතුරු ඇතුළත් ලිපිලේඛනයන් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා මහතා කටයුතු කළේය.

සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සදහා නව නිශ්පාදනයන් ඉතා වැදගත් වන්නේයැයි උත්සව සභාව අමතමින් ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

මයික්‍රෝ සමාගම ශී‍්‍රලංකාවේ අනන්‍යතාවය අන්තර්ජාතික තලය වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටින්නේයැයි සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා පැවසුවේය.