මම වෙනස් වෙන්නේ නෑ - කුසල් මෙන්ඩිස්


(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)

නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් අද (15) පස්වරුවේ පැවසීය.

ලෝක කුසලාන තරඟාවලියේ පුහුණු තරගවලදී පන්දුව පහරදීම යම් වෙනසක් කළ ද එය විශාල වෙනසක් නොවන බව කී මෙන්ඩිස් තමන් වෙතට එන පන්දුවට වැරෙන් පහර දීමේ ක්‍රමය අනුගමනය කළ බවද සඳහන් කළේය.

මෙම තරගාවලියට සහභාගි වීමට පෙර නායකත්වය වැනි වෙනසක් බලාපොරොත්තු නොවූ බවත් එය එසේ වුවද නායකත්වය පීඩනයක් කර නොගන්නා බවත් කුසල් කීය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (16) පැවැත්වෙන තරඟයට පෙර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට පෙර මාධ්‍ය හමුවේ දී කුසල් එසේ අද පෙරවරුවේ පැවසීය.