සාමප‍්‍රදායික වශයෙන් ශ්‍රී ලාංකේය නර්තන කලාව සැරසූ සුවිශේෂී චරිත අපට හිඟ නොවේ. නමුත් අපි චන්දන වික‍්‍රමසිංහ පිළිබඳ කතා කරන්නේ ඔහු එවන් සාම්ප‍්‍රදායික නර්තන ශිල්පියෙකු වූ නිසාම නොවේ. නර්තනය තුළ තම අනන්‍යතාවය සියුම්ව විත‍්‍රනය කළ බැවිණි. මේ අපූරු නර්තන වේදියා නර්තන කලාවේ නව ඉසව්වක් කරා තබන පළමු පියවර, චාරද්‍යය, සළඹ හා කන්‍යා ප‍්‍රසංග ත‍්‍රිත්වය හරහා තබන බැවිණි. එහිදී අපට නර්තනයේ නව මානයක් වෙත පා තැබූ මිණිපුර නර්තන ශිල්පියකු මුණ ගැසෙයි. චන්දන වික‍්‍රමසිංහ පිළිබඳ අප මේ කතා බහ අරඹන්නේ එතැන් සිටය.
චාරද්‍යය, ඔබ මෙවැනි නමක් මේ සංදර්ශනයට තබන්නේ ඇයි?
චරද්‍යය කියන්නේ අධ්‍යයන සතරක් යන අර්ථයෙන්. නර්තනය, ගායනය, වාදනය හා චිත‍්‍ර හා නැටුම්. මේ කියන කලා අංගයන් සතරේ එකතුවක් චාරද්‍යය තුළින් කළඑලි බසින නිසා මේ නම තබන්නට අදහස් කළා. චාරද්‍යයේ පළමු අංගය චිත‍්‍ර හා මූර්ති ප‍්‍රදර්ශනය 15 වැනි දා ජාතික කලා භවනේදී ආරම්භ වෙනවා. චාරද්‍යය, ප‍්‍රසංගය 16 වැනි දා සවස 6.00ට ජෝන් ද සිල්වා රඟහලේදී පැවැත්වෙනවා. එහි ඉන්දියානු ශිල්පීන් මෙන්ම ශාන්කි නිකේතන් ෆ්‍රෙන්ඞ්ස් හි සාමාජිකයන් ගායන, වාදන, නර්තන ඉදිරිපත් කරනවා. සළඹ ප‍්‍රසංගය පැවැත්වෙන්නේ 17 වැනිදා මියුසියස් විද්‍යාලයීය ශාලාවේදී හවස 6.00ටයි. මේ ප‍්‍රසංගය ලංකාවේ සාම්ප‍්‍රදායික නර්තන ශිල්පය නව නිර්මාණ ආදී අලූත්ම පර්යේෂණාත්මක මුසුවක් හරහා නර්තන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් වේදිකාව මතට ගෙන එනවා. හරියටම ගණනින් නර්තන ශිල්පීන් 400ක් පමණ එහි එදාට නර්තනයේ යෙදෙනවා. අවසාන ප‍්‍රසංගය ”කන්‍යා” මෙය මෙතෙක් ශ්‍රී ලාංකිකයන් නොවිඳි අත්දැකීමක්, දිව්‍යමය පේ‍්‍රමය ආදී වෙනමම අත්දැකීමක් වෙත ඉන්දියානු ශිල්පීන් හා අපේ ශිල්පීන් එක්ව 18 වැනිදා සවස 6.00ට මියුසියස් විදුහල් ශාලාවේදී කරලියට ගෙනැවිත් මේ ප‍්‍රසංගයන් නිමාවට පත්කරනවා.
ඔබ අප මෙතෙක් දැක හුරුපුරුදු නර්තන විලාසයන්ගෙන් බැහැරව දක්වන විශේෂ නර්තනය පිළිබඳ යමක් කීවේ නැහැ.
කන්‍යා ප‍්‍රසංගයේදී මම සරෝද් වාදනයට ප‍්‍රථම වතාවට මනිපුරි නර්තනයක් ඉදිරිපත් කරනවා. එය මෙතෙක් සිදුවී තිබෙන දෙයක් නෙවෙයි. ඔබ කීවා හරි. එදිනට සැරසෙන්නෙ වෙනදා මම නර්තනය වෙනුවෙන් අඳින පළඳින වස්ත‍්‍රාභරණ නෙවෙයි. තව දෙයක් කිව යුතුයි. මේ ප‍්‍රසංග ත‍්‍රිත්වය ඕනෑම අයකුට නොමිලයේ නැරඹිය හැකියි. මේ කටයුත්ත මේ විදිහට කරන්න ඉන්දියානු ශිල්පීන් මෙරටට ගෙන්වන්නට අපට අත හිත දුන්නේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දු ශ්‍රී ලංකා මිත‍්‍ර පදනම, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය යන ආයතන තුනයි. උසස් රස වින්දනයක් පතන ඔබ සැමටම ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඞ්ස් සංසදය වෙනුවෙන් මං ආරාධනා කරනවා මේ ප‍්‍රසංගය නරඹන්න එන්න කියලා.
ශාන්තිනිකේතන් ෆ්‍රෙන්ඞ්ස්... මේ මොකක්ද...?
ශාන්ති නිකේතනය විශ්ව භාරතීය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා මෙරටට පැමිණි තරුණ කලා ශිල්පීන් රැසක් අපිට සිටිනවා. ඔවුන් ලද දැනුම කෙතරම්ද යන්නත් එය බෙදා හදා ගන්න තිබෙන අවස්ථාවල හිඟකමත් හඳුනාගන්න අපි ශාන්ති නිකේතන් මිතුරන් වශයෙන් සංසදයක් ආරම්භ කළා. ඒ අනුව තමයි අපි මේ විශාල කලා මංගල්‍යය සංවිධාන කළේ. මෙය දිවයිනේ යම් පළාතක පවත්වන්න යැයි කිසිවකු අපට කීවොත් ඒ සඳහා අනුග‍්‍රහය දක්වන්න ඉදිරිපත් වුනොත් මේ ප‍්‍රසංගය ගමින් ගමට යන්න ඉඩ තියේවි. එමෙන්ම ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය හදාරා පැමිණ සිටින තරුණ කලා ශිල්පීන්ට ශිල්පිණියන්ට ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඞ්ස් වෙත එකතු වී වැඩ කළ හැකියි.
අපි ඔබ හඳුන්ගන්නේ උඩරට නර්තන ශිල්පියෙකු වශයෙනුයි.
මුල් කාලයේ මම වැඩිපුර උඩරට නර්තනයට යොමු වුණාට පසුව මම ඉන්දියාවට ගිහින් කතකලි නැටුම් විශ්ව විද්‍යාලයෙන් මනිපුරි නැටුම් සම්ප‍්‍රදායක් හැදෑරුවා. මං හිතනවා නර්තන ශිල්පියෙක් එකම රාමුවක් තුළ නැතිනම් එකම සම්ප‍්‍රදායක් තුළ රැදෙන්න ඕනෑ නැහැ. මම මේ හැම සම්ප‍්‍රදායකම සම් මිශ‍්‍රණය වූ නව නර්තන කලාවක මුද්‍රාව තැබුවා කියලා මං විශ්වාස කරනවා. දහසකුත් රැළි අතර මං මගේ මුද්‍රාව තබා අවසන්. ඒ ගැන අද වෙන විට නර්තන ශිල්පියෙකු ලෙස ලබා ඇති ස්ථාවරය සාක්‍ෂියක්.
නමුත් ඔබ ඔය කියන රැලි නර්තනය තුළින්ම පමණක් ඇති වූ ඒවා නෙවෙයි. නර්තනය ඉදිරියට යොදා පුද්ගලයින්ගේ ඇස රැවටූ ඒවා ලෙස හැඳින්වීමේ අසාධාරණයක් නැහැ නේද.
1977න් පස්සේ අපේ රටේ විවෘත ආර්ථිකය ආරම්භ වීමත් සමගම හැමදේම සරල වෙන්න පටන් ගත්තා. ඇතැම් විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්වලටත් මේ සරලකම රිංගාගෙන සුභාවිතය ගිලිහෙන්න පටන්න ගත්තා. නමුත් මාධ්‍යට මං දොස් පවරන්නේ නැහැ කවදාවත්. අපේ බොහෝ නර්තන ශිල්පීන් මාධ්‍යට ලබා දුන් නිර්මාණවල තිබුණ රංග ස්ත‍්‍රාභරණ ඉස්මතු කළේ නර්තනය නෙවෙයි ශරීරය. මමත් කාලයක් ගෑණු ළමයි පස් හය දෙනෙක් එකක් නර්තන කණ්ඩායමක නැටුවා තමයි. නමුත් ඒ අපි පටන් ගත්ත කාළේ කවුරුවත් අපිට සුභාවිත නර්තනයට දිපූ අත හිත මදි. ඇතැම් විට ඔවුන්ට කිට්ටුවෙයි. ඔවුන් හා සම වෙයි ඔවුන් අභිබවා යයි වැනි මානසිකත්වයන් තිබෙන්නට ඇති. මේ වගේ තත්ත්වයක් මැද තමයි මං මගේ පාර හොයා ගත්තේ.
ඒ පාරෙදි මම කොළඹ හතේ අයටයි, එයින් බැහැර අයටයි හැමෝටම රසවිඳිය හැකි නර්තනයක් වෙතයි යොමු වෙන්නේ. මම උඩුමහලින් බිමට බැස නටන කෙනෙක්. සමහර අය හරි කුහකයි. ඔවුන් ඉංග‍්‍රීසි කතා කරන සමාජයට පමණයි නිර්මාණ කරන්නේ. ඔය වගේ තත්ත්වයන් නිසා ඇන්ඳා නෑන්දා වගේ තරමට ඇඳුම් ඇඳ කරන නර්තන වලටත් පිරිසක් හැදුණා. ඒ අය බලන්නේ නර්තනය දිහා නෙවෙයි. ඒක එහෙම තමයි. නමුත් මම හොයාගත් මගේ නව නර්තනය තුළ මං ඉදිරිපත් කරන්නේ නර්තනය මිස වෙන යමක් නෙවෙයි.
විදේශවලට ගිහිනුත් පණ පිටින් මිනී කඳන් වගේ දන්නෝ බුදුන්ගේ ගීතයට නටන අය ඉන්න රටක් මේක. නමුත් ගැහැණු ශරීරයට ආකර්ශනය ඇති කරවා ඇස රැවටීම මගේ කලාව නෙවෙයි.
සටහන/ඡායාරූප - නාලිකා රාජපක්ෂ