මම බඳින්න සූදානම්


   Untitled-1

 

සුරාජ් සහ ජනිත් ටෙලි හා සිනමා රංගන ශිල්පීන් දෙදෙනා මීට මාස කීපයකට පෙරදී අපට හමුවුණේ මේ විදියට නොවෙයි. මේ දෙන්නාට මීට මාස කීපයකට පෙරදී මුහුණට නොකිව්වත් වැඩිදෙනා කිව්වේ ‘‘තට්ටයෝ’’ කියලයි.
දෙන්නටම තිබුණෙ එයාලගෙ කොණ්ඩය අඩුකම ගැන ප‍්‍රශ්නයක්. හැබැයි දැන් ඒ ප‍්‍රශ්නයට එයාලම විසඳුම් සොයාගෙන. එදා තට්ටයා කිව්ව අය නම් අද මෙයාලට එහෙම කියන එකක් නැහැ. අද කොණ්ඩය වවාගත්ත මේ දෙන්නා හමුවූ මොහොතක එයාලා කතා බහ කළ දේ අපට අහන්න ලැබුණේ මේ විදියටයි.

 

1
සුරාජ්
ජනිත් ඇත්තටම අපට වගේ නෙවෙයි, මේ ක්ෂේත‍්‍රයට එන්න වගේම, චරිත ලැබෙන්න ඔයාට ඔයාගෙ අම්මා - තාත්තා නිසා වාසියක් වුණා නේද?

 


ජනිත්
ඒක සුරාජ් ඔයගොල්ලො බලනවාට වඩා වෙනස් පැත්තක්.  අම්මා - තාත්තා නිසා අපට ක්ෂේත‍්‍රයට එන්න පහසු වුණා. ඒක ඇත්ත. නමුත් රැුඳීසිටීමේ වාසනාව තියෙන්නේ සියයට සියයක්ම අපි දැක්වූ දායකත්වය නිසයි.  ඕනෑ තරම් කලාකරුවන්ගෙ පුතාලා සිටිනවා. නමුත් එයාලා එනවා යනවා. හැබැයි මල්ලිටයි මටයි එහෙම නොවුණේ අපි නිතරම දක්‍ෂතා ගැන විශ්වාස කරන නිසයි.

 


ජනිත්
ඔයා ඉගෙන ගත්තේ නුවර ටි‍්‍රනිටි කොලේජ් එකේනෙ. ඒ දවස්වලත් ගොඩාක් මිතුරියො හිටියා කියලා ආරංචියි.

 


සුරාජ්
මම හිතන්නෙ ඔයා ඉගෙන ගත්තෙ කොළඹ රෝයල් එකේ නිසා මට වඩා ඔයාට මිතුරියෝ ඉන්න ඇති. එහෙම නේද?

 


ජනිත්
හිටියා හිටියා. මං ඉතින් බොරු කියන්නෙ නැහැනෙ. අදටත් ක්ෂේත‍්‍රයේ ගොඩාක් මිතුරියෝ ඉන්නෙ මට කියලා ඔයා දන්නවනෙ. මේ ඒක නෙවෙයි, ඔයා ළඟදී ලොකු ප‍්‍රසංගයක් කරන්න යනවලූ නේද?

 


සුරාජ්
ඔව්, ආයෙත් අවුරුදු පහකට පස්සෙ මගේ නර්තන ප‍්‍රසංගය පවත්වන්න සූදානම් වෙනවා.

 


ජනිත්
ගිය සැරේ ෂෝ එක මරු එකට තිබුණා. මේ සැරේ මොනවද වෙනස්කම්?

 


සුරාජ්
මේ සැරේ කැන්ඩියන් විතරක් නෙවෙයි, ලතින් රිද්මය පවා ඇතුළත්. හැබැයි ඒක අභියෝගයක්. ලෙහෙසි නැහැ. ඒත් ඒක කොහොමහරි කරන්න  ඕනෑ. ඒ අභියෝගයට සූදානමින් මේ දිනවල පුහුණු වෙනවා. ගිය පාර ෂෝ එක ඉහළ මට්ටමක තිබුණු නිසා මේ සැරේ ඊට වඩා හොඳට කරන්න වෙනවා.

 


ජනිත්
දැන් ඔයා තවත් ප‍්‍රමාද නොවී කසාද බැන්දොත් හොඳයි නේද?

 

2
සුරාජ්
මටත් එහෙම හිතිලා තියෙන්නෙ.

 


ජනිත්
ඔයා විවාහ වෙන්න හදන ගැහැණු ළමයා මොන වගේ කෙනෙක්ද? එයා කොහොම කෙනෙක් විය යුතුයි කියලද බලාපොරොත්තු වෙන්නෙ?

 


සුරාජ්
මම හිතන්නෙ මේ ක්ෂේත‍්‍රයේම කාර්යබහුල කෙනෙක් ගැන නෙවෙයි. මගේ විෂය කාර්ය ගැන ලොකු විශ්වාසයක්, ගරුත්වයක් ඇති කෙනෙක් වෙන්න  ඕනෑ. ඉවසීම ඉතා අවශ්‍යයි. මම දැන් විවාහ වීමට තීරණය අරන් ඉවරයි. ඔයා ඉක්මනට බෙස්ට්මන් වෙන්න ලැහැස්ති වෙන්න.

 


ජනිත්
හරි, හරි අන්තිම වේකන්සිය දැන් තියෙනවා. ඔයාගෙ වෙඩින් එකෙන් පස්සෙ මම ආයෙත් බෙස්ට්මන් වෙන්නෙ නැහැ.

 


සුරාජ්
ඇත්තටම ඔයා නම් මං වගේ මෙච්චර කාලයක් ඉන්නෙ නැතුව විවාහ වුණොත් හොඳයි නේද?

 


ජනිත්
ඔයාගෙ වෙඩින් එක දවසේදී මම හරියටම ඒ ගැන කියන්නම්.

 


සුරාජ්
මම ඔයාගෙ සඳ දියවර නාට්‍යයේ චරිතයට ආසයි. තව මොනවද විකාශය වෙන්නෙ?

 


ජනිත්
ඇයි ප‍්‍රවේගය, මිනිස්ටාර් (වේදිකා නාට්‍ය), දාන්න පහක් (හිරු). ඔයාගෙ මුතුවැස්ස චරිතයත් හොඳයි. මං ඒක බලනවා.

SAN_0900

sadun-gamage