මම පොළොවේ පයගහල ඉන්න කෙල්ලක්


  
මේ සුන්දර ශිල්පිනියගේ නම අංජලී හිමායා බණ්ඩාර වුවද, වැඩි දෙනෙකු ඇයව හඳුනන්නේ ‘‘අංජු හිමායා’’ නමිනි.
මම පොළෙවෙ පය ගහලා බොහෝම සරලව ජීවත්වන කෙනෙක්’’

 

 Untitled-2 Untitled-3
button හැබෑටම මෙහෙම කියන මේ අංජු කවුද?
මගේ ගම අනුරාධපුරය, ඉගෙන ගත්තේ රඹෑව මධ්‍ය මහා විද්‍යාලයෙන්. පවුලේ අප්පච්චි ජීවතුන් අතර නැහැ. අම්මයි, අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි. මම පවුලේ බාලයා. දැන් පදිංචිය කොළඹ.

 

 

 

 

SAN_8972


button කලා අංශයට සම්බන්ධ වුණේ?
මුලින්ම මම නික් ජයමහ සර් යටතේ නිරූපණ පාඨමාලාවක් කළා. ඉන්පසුව තමයි රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ. මුලින්ම රඟපාන්න ලබුණේ සිරි කුලරත්න මහතාගේ ‘‘රාස්ස කැලේ’’ චිත‍්‍රපටයේ. පසුව තුෂාරා චිත‍්‍රපටයේ සහන් විජේසිංහගේ නව නිෂ්පාදනයේ සුළු චරිතයක් රඟපෑමට ලැබුණා. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට එන්න ලැබුණේ ගිහාන් රෝහණ මහතාගේ ‘‘හිම කවුළු’’ නාට්‍යයෙන්. බොහෝ දෙනෙක් මාව අඳුර ගන්නෙ ඒ නාට්‍යයෙන්. එහි රඟපෑ චරිතයට ගොඩාක් ප‍්‍රතිචාර ලැබුණා.

 


button අද ඔබ ගැන කතා වන්නේ?
ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ලොක්කී, සුලෝචනා නමින් රඟපෑ චරිතයට ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. අද ගොඩාක්ම හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ ගිහාන් රෝහණ මහතාගේ ”මං අවුලඤ්ඤං” නාට්‍ය නිසයි. එය විකාශය වන්නේ ටීඑන්එල් එකේ. එහි ‘‘සූකිරි’’ නමැති චරිතය රඟපාන්නෙ මම. ඊට අමතරව මුතුවැස්ස (ස්වර්ණවාහිනියේ) අංජු නමින්, ඒ කියන්නෙ මගේ නමින්ම චරිතයක් රඟපානවා.

 


button ඇයි ඇත්තටම අංජු රඟපෑමේ අංශය තෝරා ගත්තෙ?
පුංචි කාලයේ ඉඳලාම මගේ කැමැත්ත හිත තිබුණේ ඒ අංශයටයි. ඒ කාලයේදී රඟපෑම කියන්නේ මොකක්ද කියන අවබෝධය තිබුණෙ නැහැ. පසු කලෙක ”විම් දිස්නෙට දිස්නෙ” කියන රූපවාහිනී වැඩසටහනට පෙනීසිටියා. එතකොට මම උසස් පෙළ කරලා ඉවරයි. එම තරගයට එනම් ‘‘විම් දිස්නෙට දිස්නෙ’’ තරගයේ ජයග‍්‍රාහිකාව වුණේ මම.


මට ඒ වෙනුවෙන් ලක්‍ෂ දෙකක මුදලක් ලැබුණා. නමුත් මුදලට වඩා එදා ටී.වී. එකෙන් මගේ රූපය

දුටුවාම මට හරි ආස්වාදයක් ඇතිවුණා. රංගනය කෙරෙහි තවත් හිත ගිය මොහොතක් වුණා.

 


button වෙනත් වෘත්තියක් ගැන හිතුවේම නැද්ද?
එක තැනක හිරවෙලා කරන රස්සාවකට ආසා කළේ නැහැ. ඒත් රඟපෑමට එනවාට අපේ ගෙදරින් එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා ගොඩාක් අකමැති වුණා. පවුලේ බාලයා නිසා මම සමාජගත වෙනවාට එයාලා අකමැති වුණා.SAN_8979 නමුත් මගේම ආසාවට කලා අංශය තෝරා ගත්තා. අද රංගනයට අමතරව ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා.

 


buttonරඟපෑමේදි චරිත කෙරෙහි සීමා මායිම් තියෙනවද?
නැහැ, ඒත් මම කැමතියි නිරන්තරයෙන්ම විවිධාකාර චරිත රඟපාන්න. නමුත් අද ප‍්‍රශ්නය වී තිබෙන්නෙ කැපවීමකින් චරිතයක් රඟපෑමට මහන්සි වුවත් බොහෝ විට ඒ වෙනුවෙන් ලබා දෙන්නෙ ඉතා අඩු මුදලක්. අන්න ඒ නිසා ලැබෙන චරිත බාර ගැනීම අඩුයි. අඩු මුදලකට රඟපාන්න කැමැත්තක් නැහැ. මට මගේ දක්‍ෂතාවය ගැන විශ්වාස නම් එහෙම විය යුතු නැහැ.

 


button ඔබ ඔබ ගැන වැඩි තක්සේරුවෙන් හිතනවා වගෙයි?
කොහෙත්ම නැහැ. මම කිව්වෙ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය ගැනයි. රංගනය කියන්නෙ ඉතා පුළුල්ව හැදෑරිය යුතු අංශයක්. නිවේදන ප‍්‍රතිරූපයට හානියක් නොකර රංගනයේ යෙදෙන්න තමයි මම වඩාත් කැමති.

 


button හොඳ චරිතයක් ලබා ගන්න නම් මොනවගේ දේ කළ යුතුද?
මූලිකම දේ දක්‍ෂතාවය තිබිය යුතුයි. බාහිර රූපය දෙවැනියට බලපාන දෙයක්. කැපකිරීම, උනන්දුව කියන දේ ඉතා වැදගත්. දක්‍ෂතාවයට අනුව ගෙවීම් කරන අයත්, ගෙවීම් ලබන අයත් ඇති. නමුත් රඟපාන්න  ඕනෑ කියා රඟපෑමට අවශ්‍ය නැහැ. මගේ දක්‍ෂතාවයට ගරු කරන අයගේ නිර්මාණ වෙනුවෙන් ලොකු කැපකිරීමකින් චරිතවලට දායක වේවි. එහෙම නැති වුණොත්, මගේම ව්‍යාපාරයක් කරගෙන නිවේදන වෘත්තිය විතරක් කරාවි.

හැඩගැන්වීම- Salon Lakshan, Maharagama
පසුතලය Hayleys cafe pixel

 

sadun-gamage