මම ඉන්න තැන හිට්ලර් කතාව කිව්වා නම් මම එවෙලේම විරුද්ධ වෙනවා - අගමැති මාතරදී කියයි


 

(අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ඉෂාන් සංජීව)


මිනිසුන් මරණ හිට්ලර් කෙනෙක් වෙන්නැයි බුදුන් වහන්සේ කිසි දිනක දේශනා නොකළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතරදි අද (23) පැවසීය. 


තමා ඉන්නා තැනක එවැනි කතාවක් කීවා නම් එවේලේම ඊට විරුද්ධ වන බව කී අග්‍රමාත්‍යවරයා හිට්ලර් සහ බුදු දහම එකට එකතු කරන්නේ කෙසේ දැයි තමාට නොතෙරෙන බවද පැවසීය.


බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැන බවද අග්‍රමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


මාතර මහාමන්තින්ද පිරිවෙනේ 125වන සංවත්සර උත්සවයේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.