මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ



(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජනබලවේගය  නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි  ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.

මේ අය තමන්ගේ පක්ෂයේද නැත්නම් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේද කියා තෝරා ගැනීමට පවා අපහසු වන අවස්ථා ඇතිවූ   බව ඔහු සඳහන් කළේය.

ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ යූටියුබ්  නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර පාර්ලිමේන්තු පැමිණි තම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 159 අතුරින් බහුතරය ජාතික ජනබලවේගය නියෝජනය කරන බවයි.