
(රෝෂන් තුෂාර)
ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය රැගෙන පැමිණියේය.

