
(සුජිත් හේවාජුලිගේ, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නානායක්කාර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
අපසුගිය රජය සමයේදී ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අල්ලස් කොමිසමට මෙසේ කැඳවා තිබිණ.

