නීත්‍යානූකූලව විවාහ නොවූ දිඹුලාගල, මනම්පිටියේ පවුල් 22ක් වැලිකන්ද විවාහ රෙජිස්ටාර් කේ.ඒ.එස්.එස්. කස්තුරි මහතා ඉදිරියේ නීත්‍යානූ කූලව විවාහ වූහ. එහිදී වයස අවුරුදු 72 වයසැති යුවළක්ද විවාහ ගිවිස ගත්තේය. එහිදී එම මනමාලයා පැමිණියේ රෝද පුටුවෙනි. මනාලිය එය තල්ලුකරන් ආවාය. මෙම මංගල උත්සවය සර්වෝදය පොළොන්නරුවන දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළේය. ඔවුන්ගේ දරු මුණු බුරෝද එම අවස්ථාවට එක් වූහ.








