මනාලයා වැරදි පාරේ ගිහින් හතරක් රෝහලට


(බී.ජී.චතුරංග)

මනාල යුවළක් ගමන් කළ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන තුනක සහ වෙළඳසැලක ගැටී  සිදුවූ රිය අනතුරකින් එම වාහනය පැදවූ මනාලයා ඇතුළු සිව් දෙනකු රෝහල් ගත කර ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.

මිහින්තලේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ මනාල යුවළ රැගත් මෝටර් රථය කුරුන්දන්කුලම පාසල ඉදිරිපිට දී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

එම යුවළ ගමන් කළ මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී යාමත් සමග එම රථය අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක තිරොද රථයක ගැටී ඉන් අනතුරුව අසල තිබූ මැටි භාණ්ඩ වෙළෙඳ සැළකට ඇදී ගොස් නතර වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් එම මෝටර් රථය පැදවූ මනාලයා, යතුරුපැදි දෙකේ ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි.