කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුට සහාය පිණිස ඔහුගේ මනාප අංකය සහ රුව සහිත ටී ෂර්ට් ඇඳ යතුරුපැදි අටකින් ගිය 18 දෙනෙක් බේරුවල පොලිසිය විසින් අධකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
මැතිවරණ නීති කඩකිරීම යටතේ ඔවුන් නඩු පැවරීමට යයි.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු රුපියල් 5000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

